• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීගමුව කොවිඩ් 19 පාලනයට හා මරණ අනුපාතය අවම කරගන්න වැඩපිළිවෙලක් – රාජ්‍ය ඇමැති ලාන්සා

25 August 2021
in දේශීය

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ගතයතු ඉදිරි ක්‍රියාමාර්ග හා දැනට පවතින තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර සභාවේදී (24) පස්වරුවේ පැවැත්විණ.

එම සාකච්ඡාවේදී විශේෂයෙන් වයස අවුරුදු 2 ට අඩු දරුවන් හා වයස අවුරුදු 65 ට වැඩි කොවිඩ් රෝගය වැලදුනු පිරිස් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව වයස අවුරුදු 65 ට වැඩි පිරිස් විවිධ රෝගාබාධ වලින් පෙලන බැවින් ඔවුන් නිවෙස් වල නිරෝධායනය වීමේදී හෝ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු මඟ හරවමින් ඔවුනට නිසි ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සදහා එම පිරිස් අතරමැදි නිරෝධායන මධ්‍යස්ථාන හෝ රෝහල් වෙත කඩිනමින් යොමු කිරීමට මෙහිදී තීරණය විය.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙහි පැය 24 තුළ ක්‍රියාත්මකවන කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයට ලැබෙන තොරතුරු අතුරින් වයස අවුරුදු 65 ට වැඩි පිරිස් හදුනාගෙන කඩිනමින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමේ වැඩපිළිවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආරක්ෂක අංශ හා අදාළ ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ඇත.

වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම හා නිවෙස් වලට ගොස් අදාළ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට මෙහිදී තීරණය විය. ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මීගමුව නගර සභාව හරහා ලබා දීමට අවශ්‍ය කටයුතු සකස් කරනු ලැබීය.

මීගමුව නගරාධිපති දයාන් ලාන්සා, මීගමුව රෝහලේ අධ්‍යක්ෂක නිර්මලා ලෝගනාදන්, ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් රෝගීන් ප්‍රවාහන සම්බන්ධීකාරක චින්තන ලියනගේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තා ජයසිංහ, වෛද්‍ය රවී සිල්වා, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමීර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම් අයේෂා උදයන්ති පතිරණ, සහකාර පොලිස් අධිකාරි නාලක, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Post Views: 14
Previous Post

චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් වැක්සින් ලක්ෂ තුනක් – හමුදාපති

Next Post

ලග්ගල ආයුර්වේද රෝහල කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරනවා – මන්ත්‍රී ප්‍රමිත

editor

editor

Next Post

ලග්ගල ආයුර්වේද රෝහල කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරනවා - මන්ත්‍රී ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved