27 April 2024
#දේශීය

ලග්ගල ආයුර්වේද රෝහල කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරනවා – මන්ත්‍රී ප්‍රමිත

කොවිඩ් රෝගින් සදහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දිමට ලග්ගල ආයුර්වේද රෝහල ඉදිරියේදි යොදා ගැනිමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය ඇදන් සහ උපකරණ ලබා ගැනිම සදහා මන්ත්‍රිවරයාගේ ඉල්ලීමකට අනුව මධ්‍යම පලාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දිනක වැටුප පරිත්‍යාගයක් සිදු කිරිමට පියවර ගෙන ඇති බව අධිකාරියේ සභාපති හසිත විජේතිලක මහතා පැවසිය.

ඒ අනුව එම ද්‍රව්‍ය තොගය ආයුර්වේද රෝහලේ වෛද්‍ය නිළධාරීවරයා වෙත භාරදීම මධ්‍යම පලාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති හසිත විජේතිලක මහතා අතින් සිදු විය.

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *