• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

5 June 2024
in දේශීය, පුවත්
ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

ලෝක පරිසර දිනයට සමගාමීව ශාක ඝණත්වය ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාව අරමුණු කරගනිමින් පේරාදෙණිය විශ්ව විදයාලයේ කෘෂිකර්ම පීඨය හා ලංකෙම් ලංකා පොදු සමාගම එක්ව අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත කොස් පැළ බෙදා දීම හා මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ගොවිපලෙහි රුක් රෝපණ වැඩසටහනක් අද (05) ක්‍රියාත්මක කරනු ලැබීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ Green Heart කණ්ඩායම හා ලංකෙම් ලංකා පොදු සමාගම එක්ව Project Re-Leaf යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය යටතේ පැණි වරකා පැළ 1500 ක් දීප ව්‍යාප්තව සිටුවීමට මෙම කණ්ඩායම බලාපොරොත්තු වේ.ඒ අනුව දිස්ත්‍රික්ක 08 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත්, එහි සමාරම්භක වැඩසටහන මෙලෙස අනුරාධපුර මහඉලුප්පල්ලම පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපවිශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුලු ගොවීන් වෙත පැණි වරකා පැළ බෙදා දීම මෙන්ම මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ගොවිපලෙහිද පැණි වරකා පැළ රෝපණය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහඉලුප්පල්ම බීජ පර්යේෂණ ආයතනයේ හා කෘෂිකර්ම පීඨයේ, ශාඛ අභිජනන පිළිබඳ විද්‍යාඥ කේ.එන් කන්නංගර මහතා, ජේෂ්ඨ කථිකාචාර්ය පරාක්‍රම වැලිගම මහතා, ලංකෙම් ලංකා පොදු සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ සාගර මහතා ඇතුළු නිළධාරීන්, කෘෂිකර්ම පීඨයේ Green Heart සිසු සිසුවියන් හා ගොවි ගෙවිලියන් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 12,911
Previous Post

වජිර කිව්වා රනිල් ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා.. ඡන්දයක් තියලා රට හදන්න – විජයපාල හෙට්ටිආරච්චි

Next Post

2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved