27 April 2024
#දේශීය

දිනකට දියර කිරි ලීටර් ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වුවද නිෂ්පාදනය කරනුයේ ලීටර් මිලියන 422 ක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.

ප්‍රමාණවත් තරම් කිරි ගොවිපලවල්, කිරි ගොවීන් සහ කිරි ගවයන් නොමැතිවීම මෙම ගැටළුවට හේතු වී ඇති අතර පශුසම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය මෙම ගැටළුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ඉදිරි වසර 03 තුළ ක්‍රියාත්මක කිරීමට නව ව්‍යාපෘති 03 ක් හඳුන්වා දී ඇති බව හෙතෙම පැවසිය.

දැනට දිවයිනේ කිරි ගවයින් ලක්ෂ 15 ක් පමණ සිටියද ඒ පිළිබඳව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟකම නිසා කිරි ලබා ගනුයේ ලක්ෂ 03 ක් තරම් වූ ගවයන් ප්‍රමාණයකි අතර මෙම ගැටළුවට විසදුමක් වශයෙන් කිරි ගොවීන් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණ විය.

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස් ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *