• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සඳහා පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්

15 July 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ (14) දින පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීම සිදුකෙරිණ.

පැෆ්රල් සංවිධානය පැවසුවේ සිය යෝජනා මාලාව සකස්කිරීමට පෙර දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පුරවැසි කණ්ඩායම් හා ආයතන සමගින් දිවයින පුරාම ආවරණය වන පරිදි සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවන් වලදී මතුවූ අදහස් සිය යෝජනා මාලාව සකස් කර ඇති බවයි.

මැතිවරණ ක්‍රමය, අපේක්ෂක වියදම් සීමා කිරීම, කාන්තා නියෝජනය තහවුරු කිරීම, වත්කම් බැරකම් ප්‍රකාශ ජාතික ලැයිස්තුව මගින් අපේක්ෂකයන් තෝරා ගැනීම, දේශපාලන පක්ෂ ලියාපදිංචිය, සියලුම ඡන්දදායයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම, මහජන නියෝජිතයන් පක්ෂ මාරුකිරීම, පුරවැසි කාර්යභාරය, මන්ත්‍රී ධූරය අහිමිවිය හැකි අවස්ථා මෙන්ම සීමානිර්ණය ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි පැෆ්රල් සංවිධානය සිය යෝජනාවලිය සකස්කිරීමේදී අවධානය යොමුකරනු ලැබීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ජී. එල්. පීරිස්, අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පා.ම අනුර දිසානායක, පා.ම කබීර් හෂීම්, පා.ම ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම මනෝ ගනේෂන්, පා.ම එම්. ඒ. සුමන්තිරන්, පා.ම මධුර විතානගේ හා පා.ම සාගර කාරියවසම් යන මැති ඇමතිවරුන් ඇතුළත්ව සිටිති.

මෙම යෝජනාමාලාව බාරදීමේ අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ජෙහාන් පෙරේරා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, කේ.එන් ඩීන් යන මහත්ම මහත්මීන්ද පරිපාලන නිලධාරී ඉන්දික ජීවන්දර, ජ්‍යේෂඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු, නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට යන අය සහභාගී විය.

 

Post Views: 19
Previous Post

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ – රැකියා නිර්මාණය කරන ආර්ථික පසුබිමක් සකසනවා – ජනපති

Next Post

ආගමික සිද්ධස්ථාන වලට හානි කළ අයවලුන් නීතිය ඉදිරියට – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

ආගමික සිද්ධස්ථාන වලට හානි කළ අයවලුන් නීතිය ඉදිරියට - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved