27 April 2024
#දේශීය

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

සීදුව, රාජපක්ෂපුර ප්‍ර දේශයේදී ඊයේ (14) රාත්‍රීයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු රාජපක්ෂපුර, සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනා අතර පැවැති ආරවුලකින් දුරදිග යාම හේතුවෙන් පිස්තෝල අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිස් මුළික විමර්ශනයේදී අනාවරණය වි ඇත.

ඝාතනයට සම්බන්ද සැකකාර විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු සිදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *