• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

7 July 2023
in දේශීය

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඊයේ (06) ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා පූර්ව රැස්වීම් පැවැත්වීම නිර්දේශ කෙරේ.

කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථා වලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතුය.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආරාධනා කර ඇති රැස්වීමකට ලේකම්වරයාට සහභාගි විය නොහැකි අවස්ථාවක, අදාළ කමිටුවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව නියෝජිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට රැස්වීමට සහභාගි විය හැකිය.

තවද, සිය අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගි විය යුතුය. කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ගැටළු තිබේ නම්, ඒවා අමාත්‍යවරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දිය යුතුය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතුය.

 

Post Views: 11
Previous Post

නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Next Post

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි

editor

editor

Next Post

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved