• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක් -ජනපති ‍

8 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම් ” නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රිතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි. කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතුයි. කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ ප්‍රමාණවත් නැතිනම් අපට වෙන ගොඩනැගිල්ලක් ඒ සඳහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරක සභා සහ උපදේශක සභා සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවීමක් වුණත් කළ හැකියි. ඒ වගේම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට සතියකට වත් කළින් කමිටු සහ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් කර මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයෙන් එය ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. හෙට ඉදිරිපත් කරන පනත අද මන්ත්‍රීවරුන්ට ලබාදීම ප්‍රමාණවත් නෑ. මන්ත්‍රීවරුන්ට පනත අධ්‍යනය කිරීම සඳහා සති දෙකකවත් කාලයක් ලබා දිය යුතුව තිබෙනවා. ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභා වල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි. අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරින් (Collecting officer). නමුත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්තවන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැතිවෙලා ගියා. අනතුරුව එම කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීම සඳහා නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවා ගැනීමට සිදු වේවි. ඒ වගේම රාජ්‍ය ආයතන වල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදුම්‘ එම ආයතන මගින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,” ජනාධිපතිතුමනි , ඔබතුමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස මාව යෝජනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අපි ප්‍රශ්න කළේ මේ කටයුතු කඩාකප්පල් කිරීමට නොවෙයි. නිවැරදි මගට ගැනීමට පමණයි. අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, “කාරක සභා සහ උපදේශක සභා 73ක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පහසුකම් සැලසීමට පවතින මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් ප්‍රමාණවත් නැහැ. කාරක සභාවල කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය නම් යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,”කාරක සභා වලට සහ උපදේශ සහා වලට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි. නමුත් එහි පත්වන නියෝජිතයන් එම ක්‍රියාවලියට වඩා දේශපාලන ක්‍රියාවලියක් සිදු කරනවා. මාධ්‍ය සංදර්ශන පවත්වමින් මාධ්‍යවලට කතා කරන්න උත්සාහ කරනවා. එසේ නොකරන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මොකද මෙහි සංවේදී කරුණු තිබෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සහ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු,පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

නව කම්කරු නීති පද්ධතියට අදාල යෝජනා ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා – ඇමැති මනුෂ

Next Post

INSEE Ecocycle අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් හරහා චක්‍රීය ආර්ථියක් කරා

editor

editor

Next Post

INSEE Ecocycle අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් හරහා චක්‍රීය ආර්ථියක් කරා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved