• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් – ජනපති

23 July 2023
in දේශීය

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

අද ලෝකයේ රටවල් තම අතීත ශිෂ්ටාචාරය ඉස්මතු කරමින් ඉදිරියට යන විට අභිමානවත් ශිෂ්ටාචාරයකට සහ ඉතිහාසයකට හිමිකම් කියන අප ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම කනගාටුදායක බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මහා විහාර සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම සහ කැණීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිලධාරීන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා මහා විහාරයේ කැණීම් කටයුතුවල හා අනුරාධපුර පුජා භූමි සංවර්ධන කටයුතුවල යොදවා ඇති පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාව, එම සංයුතිය සහ වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද විමසා බැලීය.

එම කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, අඩුපාඩු කඩිනමින් නිවැරදි කර ගනිමින් මහා විහාර සංවර්ධන සැලැස්ම විධිමත්ව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීමට ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම කටයුතු පවත්වාගෙන යන, ගැඹුරින් ධර්මය අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස මහා විහාර විශ්වවිද්‍යාලය ඇති කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණ වැව ඤාණතිලක හිමිපාණන් වහන්සේ, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමිපාණන් වහන්සේ, ථූපාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඤාණින්ද හිමිපාණන් වහන්සේ, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමිපාණන් වහන්සේ, අභයගිරි ව්‍යාපතියේ පූජ්‍ය ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමිපාණන් වහන්සේ ඇතුළු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.ටි. හේරත්, නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී. සී. ජයලාල්, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ජේ. කේ. ජයසුන්දර යන මහත්වරු සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් , වන සංරක්ෂණ ජනරාල් , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස්, මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ අධිකාරිය පළාත් අධ්‍යක්ෂ, පූජා භූමි සංවර්ධන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

ඊළග ජනාධිපති වෙන්නෙත් ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපියි – ඇමති ප්‍රසන්න

Next Post

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියෙහි කාර්යාල පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්

editor

editor

Next Post

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියෙහි කාර්යාල පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved