27 April 2024
#ව්‍යාපාර

Redington සහ Adobe අතර ආසියානු රටවල් සඳහා විශේෂ හවුල්කාරීත්වයක්

ප්‍රමුඛත පෙළේ තාක්ෂණික විසඳුම් සමාගමක් වන Redington (NSE: REDINGTON), ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඇතුළුව දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයක් සඳහා Adobe සමාගමේ නිල බෙදාහැරීම් සහ වෙළඳපොළ සංවර්ධන සහකරු ලෙස කටයුතු කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය.

මෙමගින් Adobe සමාගමේ මෘදුකාංග සහ ඩිජිටල් මෙවලම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම රටවල පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

“අපගේ තාක්ෂණය, නවෝත්පාදනය සහ හවුල්කාරීත්වයන් ඔස්සේ සියලුම දෙනා වෙත නවීන ඩිජිටල් තාක්ෂණයන් සමීප කරවීමට අප කැප වී සිටිනවා. Adobe සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය මෙයට ඉතා හොඳ උදාහරණයක්. මේ ඔස්සේ, අපගේ පුළුල් බෙදාහැරීම් ජාලය සහ ඩිජිටල් බෙදාහැරීම් ක්‍රමවේද සමගින්, පුද්ගලයන්ට ව්‍යාපාරවලටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වන ඩිජිටල් තාක්ෂණික මෙවලම් රැසක් පිරිනැමීමට අපට හැකියාව ලැබේවි.” Redington හි ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් නටරාජන් මහතා පැවසී ය.

“Adobe නිෂ්පාදන දකුණු ආසියානු කලාපයේ වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා Redington සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය මෙම කලාපයේ නිර්මාණශීලීත්වය, ඵලදායීතාව සහ ආර්ථික දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා අප සිතනවා.” Adobe සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සහ ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාර ප්‍රධානී (ඉන්දියාව/දකුණු ආසියාව) ගිරිෂ් බාලචන්ද්‍රන් මහතා පැවසී ය.

Redington සහ Adobe අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්තියේ අඩුපාඩු පියවීමට මහඟු කාර්යයභාරයක් ඉටුකරනු ඇති අතර, සමාගම් දෙකේ ශක්තිය තුළින් මෙම කලාපයේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් වේගවත් කිරීමටද හැකි වනු ඇත.

පිටපත් – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *