• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසර 40 ඉක්මවනු සියළුම තට්ටු නිවාස වල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති ප්‍රසන්න

28 June 2023
in දේශීය

වසර 40 ඉක්මවනු ලබන සියළුම තට්ටු නිවාස වල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් වහා ම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අදාල බලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ ඒ පිලිබඳ රජයේ පිළිගත් ආයතනයක් මගින් අදාළ තට්ටු නිවාස ප්‍රමිතිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් මගින් පර්යේෂණයක් සිදුකර විධිමත් තාක්ෂණික වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්.එස්.සත්‍යානන්ද මහතා පවසයි. එම තාක්ෂණික වාර්තාවේ නිර්දේශ පරිදි එම නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කෙරේ.

අනාරක්ෂිත බව තහවුරු වුවහොත් අදාළ නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් 2003 අංක 24 දරණ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරී පනතේ 10 වැනි වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම දේපළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරිය විසින් මේ වනවිට අනාරක්ෂිත යැයි හඳුනාගත් නිවාස සංකීර්ණ 8ක් පිළිබඳව තොරතුරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය, බම්බලපිටිය නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර නිවාස ක්‍රමය, මාලිගාවත්ත නිවාස ක්‍රමයේ ගොඩනැගිලි කිහිපයක්, මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස ක්‍රම වල නිවාස 869 ක් සහ කඩසාප්පු 619 ක් අනාරක්ෂිත බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ගොඩනැගිලි හතරකින් සමන්විත වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය 1981 වසරේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇත. එය නිවාස ඒකක 114කින් සමන්විත වේ. පවතින අවධානම් තත්ත්වය සලකා බලා එම නිවාස වාසීන්ට හේනමුල්ල මහල් නිවාස වලින් නිවාස ලබාදී ඇතත් ඒ සඳහා එකඟ නොවූ පවුල් 65ක් පමණ තවමත් එම නිවාස ක්‍රමයේ වෙසෙති. එම පවුල් 65ද කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්කර රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නිවාස ක්‍රමය ප්‍රතිසංවර්ධනය කිරීමට අවධානය යොමු ව තිබේ.

බම්බලපිටිය නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, මිහිඳුපුර නිවාස ක්‍රමය හා මාළිගාවත්ත නිවාස ක්‍රමයේ ගොඩනැගිලි කීපයක් සම්බන්ධයෙන් ද මෙවැනි ම තාක්ෂණික වාර්තාවක් ලබාගැනීමට දැනටමත් සැලසුම් කර තිබේ.

සාමාන්‍යයෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර පදිංචි කරුවන්ට භාර දීමෙන් අනතුරුව ඒවා නිසි ආකාරයෙන් නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම සිදු කරනු ලබන්නේ කළමණාකරණ සංස්ථාව යනුවෙන් හැඳීන්වෙන අදාළ නිවැසියන්ගෙන් සමන්විත නෛතික ව්‍යුහයක් මගිනි. කළමණාකරණ සංස්ථාව විසින් අදාළ නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් නිසි ලෙස නඩත්තු නොකිරීම මෙම මහල් සංකීර්ණ අබලන් තත්ත්වයට පත්විමට ප්‍රධාන හේතුවක් වී ඇත.

Post Views: 33
Previous Post

සාරි තොටිල්ලක ගෙල සිරවීමෙන් නව හැවිරිදි දරුවා මරුට

Next Post

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

editor

editor

Next Post

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved