• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

28 May 2024
in දේශීය, පුවත්
කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය හා කොළඹ නගර සභාව සමග එක්ව අවදානම් ගස් ඉවත් කිරීමටත්, ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීම කටයුතු කිරීමට කටයුතු කිරීමට යොදවා ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (27) දින පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැලපෙන හා මාර්ග වලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන ගස් සිටුවීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබා දුන් බවත්, විහාරමහා දේවි උද්‍යානයේ ඇදවැටී ඇති ගස් වල මුල් පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇති බව හෙතෙම පැවසිය.

පසුගිය දින කිහිපයේ ඇතිවූ වර්ෂාව හා තද සුළං නිසා දිස්ත්‍රික්ක 20 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 212 ක පුද්ගලයින් 55406 ක්‌ පීඩාවට ලක් වී ඇති අතර, තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මරණ හතක් සිදු වී ඇති බවත්, නිරිත දිග මෝසම් වර්ෂාව සැප්තැම්බර් මාසය වෙනතෙක් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම, ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍ය දෙපාර්තමේන්තු, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරී, සහන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය සැමවිටම සුදානමින් සිටින බවද සදහන් කරන ලදි.

තවද, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය හා කොළඹ නගර සභාව සමග එක්ව අවදානම් ගස් ඉවත් කිරීමටත්, ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීම කටයුතු කිරීමටත්, ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැලපෙන හා මාර්ග වලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන ගස් සිටුවීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබා දුන් බවත්, විහාරමහා දේවි උද්‍යානයේ ඇදවැටී ඇති ගස් වල මුල් පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදි ප්‍රකාශ කරන ලදි.

තවද, කෑගල්ල පහල කඩුගන්නාව ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ගල් පෙරලිමේ අවදානම් ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය කණ්ඩායම් යොදවා ජනතාවට අවම අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් එම ස්ථාන වල ගල් ඉවත් කිරීමට කටයුතු සිදු කිරිමටත් කටයුතු කරනු ලබන බවත් ඔහු පැවසීය.

පාසල් ළමුන්ගේ ආරක්‍ෂාව සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත “සුරකිමු” විශේෂ ජාතික වැඩසටහන පිළිබඳ හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් පාලන ආයතන, දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට කටයුතු සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

Post Views: 18,832
Previous Post

නව සමාජිකයන් ලක්ෂ 20 ක් සමගියට එකතු කරගන්නවා – මන්ත්‍රි තිස්ස

Next Post

මාතලේ කොමඩු වගාවන් විනාශයට

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ කොමඩු වගාවන් විනාශයට

මාතලේ කොමඩු වගාවන් විනාශයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved