• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලැක්විමට වේගවත් වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුයි – අමාත්‍ය සරත්

14 February 2021
in දේශීය

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාදාමයේ එක් අංගයක් ලෙස පාසල් දරුවන් ඉලක්ක කරගත් වේගවත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පාසල් ප්‍රජාවට අනුබද්ධිත සංවිධාන නියෝජිතයන් නියෝජිතයින් සමග පසුගිය දා අමාත්‍යාංශ කාර්යාලය පැවති රැස්වීමක දීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වන බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමට නම් මත් උවදුර මේ සමාජයෙන් අතුගා දැමිය යුතුයි.ඉන් පළමුවැන්න භෞතිකව මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීමයි.දැනටමත් ජාත්‍යන්තර සංවිධාන හා ඔත්තු සේවා හරහා එම කටයුතු සිදු කරගෙන යනවා. මින් දෙවැන්න ලෙස මම දකින්නේ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමයි. මෙම කටයුත්ත සඳහා පාසල් දරුවන් මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා වැළැක්වීම සඳහා ඉලක්ක කරගත් වේද වේගවත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පාසල් ප්‍රජාවට අනුබද්ධිත සංවිධාන නියෝජිතයන් නියෝජිතයින් සමග පසුගිය දා අමාත්‍යාංශ කාර්යාලය පැවති රැස්වීමක දී පැවසීය.

පාසල් ආචාර්යවරුන් දෙමාපියන් ශිෂ්‍ය නායකයින් හා පාසල් ක්ෂේත්‍රයට අනුබද්ධිත විවිධ කණ්ඩායම් සහිතව ජාත්‍යන්තර පාසල් ද ඇතුළුව ශක්තිමත් කමිටු නිර්මාණය කළ යුතු බවත්, මෙම කමිටු හොඳ ආකර්ෂණීය තත්ත්වයක් හා ගැම්මක් එන පරිදි නිර්මාණය කළ යුතු බවත්, මෙම කමිටු හරහා මතට ඇබ්බැහිවූවන් ප්‍රතික්ෂේප කරන සමාජ රැල්ලක් හා සමාජ විලාසිතාවක් නිර්මාණය කළ හැකි බවද ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

එසේම දරුවන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව, දේශන, චිත්‍රපට හා නවීන තාක්ෂණ සමාජ මෙවලම් උපයෝගී කරගෙන නිර්මාණය කළ හැකි බව පෙන්වා දුන් අතර තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා නවීන මත්ද්‍රව්‍ය හා ඒවා භාවිතයෙන් පසු ඇති වන වෙනස්කම් පිළිබඳව දෙමාපියන්ද දැනුවත් කළ යුතු බවද මහජන ආරක්ෂක අමාත්‍ය ක්‍රියාත්මක ආචාර්ය සරත් වීරසේකර මහතා මෙම රැස්වීමේදී පැවසීය

මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ප්‍රධානීහු රැසක් රැසක්ද සහභාගි වීය

Post Views: 19
Previous Post

කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාරය ලබන 17 අගමැති සුරතින් වීවෘත කිරීමට සැලසුම්

Next Post

හිටපු කථානායක අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

හිටපු කථානායක අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved