• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

11 June 2023
in දේශීය

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර ය. මෙය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) අත්සන් කළේය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතය. නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට නියමිතය.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතව ඇත.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ සදහා වන කොරියානු පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබාදීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සදහා වන අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ගංගාරාම විහාරවාසී ශ්‍රාස්ත්‍රපති හීන්කුඹුරේ කොන්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

Next Post

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

ඉදිරි තෙමස තුළ IMF එකඟතා සම්පූර්ණ කරනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved