27 April 2024
#දේශීය

වන අලියෙකු පහරදී හිමිනමක් අපවත් වෙයි

පුලස්තිපුර, සෝමාවති දෙසට අද (05) අලුයම කාලයේදී පාගමින් ගමන් කරමින් සිටි හිමිනමකට වන අලියෙකු පහරදීම හේතුවෙන් අපවත්වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීම සෝමාවති රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසලදී සිදුව ඇති බවයි.

මෙලෙස අපවත්වී ඇත්තේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සංඛමනාරාම විහාරස්ථානයේ වැඩවිසු හිමිනමක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *