• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉපලෝගම විවින් පාරේදී කාන්තාවක් කපා කොටා ඝාතනයට

8 April 2023
in දේශීය

ඉපලෝගම, හිරිපිටියාගම, විවින් පාරේදී අද (08) අලුයම කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉපලෝගම, හිරිපිටියාගම, මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි ඒ.එම් සමන්තිකා අධිකාරී නම් (45) හැවිරිදි දෙදරු මවකි.

අද (08) අලුයම 05.00 ට පමණ මෙම කාන්තාව හිරිපිටියාගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය සඳහා හිරිපිටියාගම, විවින් අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

ඇයගේ සැමියා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. මරණයට පත් වූ කාන්තාව හා ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැවති බවත්, ඒ හේතුවෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැමිණිලිද පවතින බවත් ඉපලෝගම පොලීසිය පවසයි.

මීට මාසයකට පමණ ඉහතදී මෙම කාන්තාව සැමියා සමඟ ආරවුල් පැවතීම හේතුවෙන් මයිලගස්වැව පිහිටි නිවසේ සිට, සිය බාල දරුවාද සමගින් විවින් පාරේ පිහිටි සොහොයුරාගේ නිවසට පැමිණ එහි සිට පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවයට ගොස් ඇති අතර, එලෙස සුපුරුදු පරිදී අද (08) දිනද සේවයට යමින් සිටියදී ඇගේ සැමියා විසින් අදාළ මාර්ගයේ රැක සිට මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මිය ගිය කාන්තාවගේ දියණියද අදාළ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන්නියක වන අතර, ඇය අද (08) උදෑසන 05.00 ට පමණ සේවයට යෑම සඳහා මයිලගස්වැව පිහිටි ඇගේ කුලී නිවසේ සිට පැමිණ ඇති අතර, ඒ එන අතර වාරයේ මාර්ගයේ පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ පිළිබඳව සොයා බැලීමේදී මව ලේ විලක් මැද වැටී සිටිනු දැක කෑ ගසා අසල්වාසීන් දැනුම්වත් කර ඇත.ඒ අනුව අසල්වාසීන් පැමිණ 1990 සුව සැරිය හා ඉපලෝගම පොලීසිය දැනුම්වත් කර ඇති අතර, සුව සැරියේ නිළධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදි කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ගෙන ඇත.ඒ අනුව මිය ගිය කාන්තාවගේ දේහය කැකිරාව දිසා රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

මිය ගිය ස්ථානයේ ලේ පැල්ලම් හා කාන්තාවගේ පාවහන් යුගලක්, සේවා ස්ථානය වෙත රැගෙන යන බාල්දියක්, ජල බෝතලයක්ද නිරීක්ෂණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 29
Previous Post

අපේ ආර්ථිකය ගැන අලුත් බලාපොරොත්තුවක සිටින බව මන්ත්‍රී සංජිව කියයි

Next Post

ඩිජිටල් තාක්ෂණයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි- විපක්ෂනායක

editor

editor

Next Post

ඩිජිටල් තාක්ෂණයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි- විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved