27 April 2024
#දේශීය

යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව තරුණයෙක් මරුට

බුලත්සිංහල, හොරණ මාර්ගයේ නාරගල ප්‍රදේශයේදී ඊයේ (13) පස්වරුවේදි යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකීව සිදු වු අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකීව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කනුවක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය කල මුලික විමර්ශනවලදී අනාවරණ වි ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්දයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *