යාපනය – නුවර (A9) ප්‍රධාන මාර්ගයේ පූනෑව, ගල්කන්දේගම ප්‍රදේශයේදී අද (17) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි පූනෑව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පූනෑව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















