• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්න – අගමැති

15 February 2021
in දේශීය

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) දින පෙරවරුවේ පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදිය.

ඒ අනුව අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි දී සහතික විය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කරන ලදී.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මෙම ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදු කළ හැකි බවත්, බලය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ජනතා පොරොන්දු ඉටු කිරීම එම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිහිගැන්වූයේය.

2015 බලයට පත්වූ රජය විසින් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියයට 90ක් පමණ නැවත පළාත් පාලන ආයතනවලට පවරා ඇතැයි මෙම හමුවේ දී හෙළිදරව් විය.

එසේම ඒ ඒ පළාත් පාලන ආයතනවලට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අනිවාර්යෙන් එම ආයතනයේ නියෝජනයක් තිබිය යුතු යැයි අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මාර්තු 01 වැනිදා සිට කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ රණවීර මහතා පැවැසීය.

පළාත් පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේ දී මහජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට ඔවුන්ට පහසුවක් වනපරිදි එම කටයුතු සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී සියලු පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව අලුතින් බඳවා ගන්නා තක්සේරු නිලධාරින් 263 දෙනාගෙන් මෙම හිඟය පියවීමට කටයුතු කරන බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු පී.පී.ඩී.එස් මුතුකුමාරණ මහත්මිය පැවසුවාය.

නැගෙනහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිදුව ඇති අකටයුතුකම් පිළිබඳවද නැගෙනහිර පළාතේ පළාත් පාලන නියෝජිතයන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතා මෙම හමුවට පැමිණ සිටියේ නැත.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරු, පළාත් පාලන කොමසාරිස්වරුන්, නගරාධිපතිවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 14
Previous Post

O/L විභාගය සඳහා අධ්‍යයන නිවාඩු 17 වනදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන්න -අධ්‍යාපන ලේකම්ගෙන් උපදෙස්

editor

editor

Next Post

පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන්න -අධ්‍යාපන ලේකම්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved