• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජන ආරක්ෂක ආඥා පනතට අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි

7 September 2021
in දේශීය

මහජන ආරක්ෂක ආඥා පනතේ 5වන වගන්තිය ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කර සිටියේ වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ 5වන වගන්තිය ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරිම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ කාර්යය වන්නේය.

මේ නියෝගය යටතේ ස්වකීය කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන නියෝජ්‍ය කොමසාරිස්වරු හෝ සහකාර කොමසාරිස්වරු සංඛ්‍යාව අත්‍යාවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල්වරයා විසින් නමින් හෝ නිලයෙන් පත් කළ හැකිය.

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවට නිසැකවම වග බලා ගැනීම සඳහා 5වන නියෝගය යටතේ පත් කරනු ලැබූ යම් නිසි බලධරයෙකුට, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විධානයන් ලබාදිය හැකි අතර, එසේ ලබාදෙන සෑම විධානයක්ම පිළිපැදීම අවස්ථානෝචිත පරිදි නිසි බලධරයාගේ, අධිකාරියේ, නිලධරයාගේ හෝ සම්බන්ධීකරණ නිලධරයාගේ කාර්යය විය යුතුය.

ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා තිබේ.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂය අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දිය නොහැකි බව ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන ආකරයේ ප්‍රකාශයක් කිරීම වැරදි සහගතය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමේ පූර්ණ බලතල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඇති බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

 

Post Views: 15
Previous Post

පඩුකරඳ හෙවත් ශාඛය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැත – පරිසර අමාත්‍යංශය

Next Post

දුරස්ථ අධ්‍යාපනය ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා මගින්

editor

editor

Next Post

දුරස්ථ අධ්‍යාපනය ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක් සහිත රූපවාහිනී නාලිකා මගින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved