ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය (BPO) සහ පාරිභෝගික අත්දැකීම් විසඳුම් ක්ෂේත්‍රයේ දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් Activ8 Asia සමාගම 2026 වසරේ ප්ලැටිනම් විශිෂ්ටත්ව සම්මානයෙන් (Platinum Excellence) පිදුම් ලබා ඇත. කොළඹ Cinnamon Life, City of Dreams හිදී පැවැත්වුණු උත්සවයකදී මෙම සම්මානය පිරිනමන ලදී.
Activ8 Asia සමාගම මෙම ජයග්‍රහණය කරා මෙහෙයවූ ප්‍රධාන සාධකයක් වූයේ පිටතට ඇමතුම් ලබාදෙන (Outbound) පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නියෝජිතයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඔවුන් විසින්ම අලුතින් නිපදවන ලද CRM මෘදුකාංග පද්ධතියයි. මෙමගින් නියෝජිතයන්ට පරිපාලන කටයුතු සඳහා වැයවන කාලය අවම කර පාරිභෝගිකයා සමඟ වඩාත් අර්ථාන්විතව සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. තාක්ෂණය සහ මානව සබඳතා මැනවින් මුසු කරමින් සිය සේවාදායකයන්ට ඉහළම වටිනාකමක් ලබාදීම වෙනුවෙන් Activ8 Asia කණ්ඩායම දක්වන කැපවීම මෙම සම්මානය හරහා තවදුරටත් තහවුරු වී තිබේ.














