2009 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් සම්මානනීය ඊශ්‍රායල ජාතික ස්ඵටික විද්‍යාඥ සහ වයිස්මන් විද්‍යා ආයතනයේ මහාචාර්ය අඩා යෝනාත් වයස අවුරුදු 87 දී අභාවප්‍රාප්ත වූ බව වයිස්මන් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.
නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු ඊශ්‍රායල කාන්තාව වන ඇය, රයිබොසෝමවල පරමාණුක ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද විප්ලවීය පර්යේෂණ වෙනුවෙන් මෙම සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ඇය විසින් සොයාගන්නා ලද X-ray crystallography සහ cryo-crystallography තාක්ෂණික ක්‍රමවේදයන් හරහා බැක්ටීරියා නාශක ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාව හඳුනා ගැනීමටත්, වඩාත් කාර්යක්ෂම නව අලුත් ඖෂධ නිෂ්පාදනය කිරීමටත් විද්‍යා ක්ෂේත්‍රයට දැවැන්ත මඟපෙන්වීමක් හිමිවිය.
ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් සඳහන් කර ඇත්තේ, අඩා යෝනාත් යනු ඊශ්‍රායල විද්‍යා ඉතිහාසයේ මානව දැනුමේ සීමාවන් පුළුල් කළ මඟපෙන්වන්නියක සහ පුරෝගාමී කාන්තාවක බවයි.














