ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නූරිස්ථාන් (Nuristan) පළාතට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
නූරිස්ථාන් හි පාරූන් (Parun) අගනගරය ඇතුළු ප්‍රදේශ රැසක මැටි නිවාස සහ ගොඩනැගිලි රැසක් ජලයට ගසාගෙන ගොස් ඇති අතර, සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක වේ. දශක ගණනාවක යුද වාතාවරණය, දුර්වල යටිතල පහසුකම් සහ වනාන්තර විනාශය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය කාලගුණික විපර්යාස හමුවේ දැඩි අවදානම් තත්ත්වයක පසුවන අතර, ඉදිරි දිනවලදී ද පළාත් 10කට තද වැසි, සැර සුළං සහ හදිසි ගංවතුර ඇතිවිය හැකි බවට කාලගුණ බලධාරීන් අවවාද කර ඇත.
මෙම මෝසම් කාලගුණික ආපදා තත්ත්වය ඇෆ්ගනිස්ථානයට පමණක් නොව ඉන්දියාව සහ නේපාලය ඇතුළු දකුණු ආසියාතික රටවල් රැසකටම බලපා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














