• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට විවාදයට එන්නැයි නලින් බණ්ඩාරගෙන් නැවත අභියෝගයක්

27 March 2024
in දේශීය, පුවත්
ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට විවාදයට එන්නැයි නලින් බණ්ඩාරගෙන් නැවත අභියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමට නැවත වතාවක් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා ‘‘ආණ්ඩුවට ගෙදර යන්න තව පොහොය කිහිපයයි ඉතුරු වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ අන්තිම හුස්ම ටික ආරක්ෂා කර ගන්න නොයෙකුත් වැඩපිළි‍වෙළවල් ක්‍රියාත්මක කරමින් සිටිනවා. රාජපක්ෂක පිළ ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පසුගිය දවස් වල ප්‍රකාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ තමයි රාජපක්ෂවරු හැර පොදුජන පෙරමුණේ අනෙකුත් මන්ත්‍රීවරු සිටින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හිටියට රටේ ඡන්ද දායකයෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරා සමඟ නෙවෙයි ඉන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ සහ රාජපක්ෂ පවුලේ ජනාධිපති අපෙක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව ජනාධිපති සටනින් ජයග්‍රහනය කරන්න ඉතුරු වෙලා සිටින එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ට සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ අපෙක්ෂා ලෙස තමයි ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ප්‍රධාන අපෙක්ෂකයෝ ලෙස ඉදිරිපත් වෙයි.

ජනාධිපතිවරණයේදී දිනවිය යුත්තේ කවුරුන්ද කියලා රටේ ජනතාව මේ වනවිට හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂා ඒ නිසා ඔහුට ඡන්දය දීලා වැඩක් නැ කියලා එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් දැන් අවබෝධවෙලා තිබෙනවා. ඒ අනුව රට ඉදිරියට ගෙන යා හැක්කේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට බව ද එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවබෝධවෙලා තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණයේදී කුමන පුද්ගලයාටද ඡන්දය ලබා දෙන්නේ කියන ප්‍රශ්නය පොදුජන පෙරමුණේ ඡන්ද දායකයන් තුළ මතුවෙලා තිබෙනවා. රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න නැතිව අසරණ වෙලා සිටින බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ බව වැටහෙන්නේ නෑ. නමුත් පොදුජන පෙරමුණට ඡන්දය දුන්න අති බහුතරයක් වන ග්‍රාමීය ජනතාවට රටේ තිබෙන ආර්ථික අර්බුදය හොදට වැටහෙනවා. ඒ වගේම දුප්පත් මනුස්සයා වෙනුවෙන් හැමදාම පෙනී සිටින්නේ කවුද කියලා ග්‍රාමීය ජනතාවට දකිනවා. රටේ ජනතාව ගැන සන්වේදීව කටයුත් කරන්නේ කවුරුන්ද කියලා ග්‍රාමීය ජනතාව දැන් දන්නවා.

ඉස්සර මිසර් ක්ලීන් කියලා කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට නමුත් වර්තමාන මිස්ටර් ක්ලීන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. එතුමා ළග හොරු බොරු නෑ. සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ කවුරුන්හෝ දුෂණ වංචා චෝදනාවකට ලක්වුණොත් ඔහුට ඒ ආණ්ඩුවේ පැය 24 ක්වත් ඉන්න ලැබෙන්නේ නෑ. ඒ බව අපිට විපක්ෂ නායකතුමා පවසලා තිබෙනවා. විපක්ෂ නායකතුමා යහපාලන ආණ්ඩුවේ ඇමැතිධූරය දරන කාලයේදීත් වැඩ කටයුතු සිදුකළේ විනිවිද භාවයකින් යුතුව. ඩීල් කාරයින්ට එතුමාගේ දොර විවෘත වෙලා තිබුනේ නෑ. ඉදිරි මැතිවරණ වලදී සමගි ජනබලවේගය සමඟ සජිත් ප්‍රේමදාස සමඟ එකතු වෙන ලෙස සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට අරාධනා කරනවා හරි පාරේ යන්න එන්න කියලා. රටේ මිනිස්සු හරි පාර අදුරගත්තේ නෑ. හරි ආර්ථික ප්‍රතිපත්තිය අඳුර ගත්තේ නෑ. ඒ නිසා සමගියයි හරි පාර. ඒ හරි පාරේ ගමන් කරන්න අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් සිටිනවා. ඒ වගේම දැන් ජාතින ජන බලවේගයත් ආර්ථික කවුන්සිලයක් නම් කරලා තිබෙනවා. ඒ ආර්ථික කවුන්සිලයේ සුනිල් හදුන්නෙත්ති සමඟ ආචාර්යවරු දෙදෙනෙක් සිටිනවා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ ප්‍රසිද්ධ විවාදයටකට පැමිණෙන්න කියලා ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට හත් වෙනි වතාවක් ආරාධනා කළා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව අභියෝග කළාම ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවේ පිරිස් බයේ හැංගෙනවා. අපි ජාතික ජනබලවේගයේ ආර්ථික කවුසිලයට අභියෝග කරනවා පුලුවන්නම් සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ ප්‍රසිද්ධ විවිදායකට පැමිණෙන්න  කියලා. ජාතික ජනබලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවුණා. නමුත් ඔවුන් සමඟ සාකච්ඡා කරපු දේවල් ප්‍රසිද්ධ කරලා නෑ. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව ප්‍රකාශ කරනවා නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ක්‍රමයක් පිළිබඳව සදහන් කරන්නේ නෑ. ඒ පිළිබඳව විවාද කළ යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න , ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික යෝජනා නෙවෙයි. එම යෝජනා ක්‍රියාත්මක කරන්න පුලුවන් කණ්ඩායමක් ජාතික ජන බලවේගය සතුව නෑ.

ඒ වගේම මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණේට රටේ තිබෙන ආසනවල ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක කවුරුද්ද කියලා නම් කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණට එහෙම පෙන්වන්න බිම් මට්ටමේ නායකයෝ නෑ. ජාතික ජන බලවේගය ඔවුන්ගේ ආසන සංවිධායකවරු කවුරුන්ද කියලා තවම ප්‍රකාශ කරලා නෑ. 88 89 කාලයේ භිෂණයට සම්බන්ධ වුණ පිරිසෙන් කොටසක් තමයි ආසන සංවිධායකවරු ලෙස ජනතා විමුක්ති පෙරමුණ පත් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ට ගම් වල ජනතාවට මුණ පෙන්වන්න බෑ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියාදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යම් ප්‍රකාශයක් සිදුකරලා තිබෙනවා. මෙම ප්‍රකාශය ඔහු හතුමතේ සිදුකළ ප්‍රකාශයක් නෙවෙයි. මේක දේශපාලන ගුන්ඩුවක්. මේ දේශපාලන ගුන්ඩුව පිටුපස්සේ සිටින දේශපාලඥයින් කවුරුන්ද කියලා සොයා බැලිය යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියාදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය දේශපාලන ජවනිකාවක කොටසක් වෙන්න පුලුවන්. මෙය කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුකළ ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පිරිස් සුක්ෂමව මේ පිළිබඳව පරික්ෂණ සිදුකළ යුතුයි. රටේ බලය ලබා ගැනීම සඳහා යම් පාර්ශ්වයක් විසින් මෙහෙයවම ජවනිකාවක කොටසක් වෙන්නත් පුලුවන්. පාස්කු ප්‍රහාරය රටේ බලය ලබාගැනීම සඳහා සිදුකළ ප්‍රහාරයක් බව අපි සඳහන් කළා. ඒ මතයේ අපි තවදුරටත් සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂගේ පොහොර තහනම සමඟ රටේ ගොවිතැන විනාශ වුණා. ඒ වගේම මෙවරත් ගොවීන්ගේ වී මිලදී ගැනීමට රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නෑ. මෙවරත් රජය මහා පරිමාණ වී මෝල් හිමියන්ට යටවුණා. කෘෂිකර්ම ඇමැතිවරයාට නොහැකි වුණා වී මිලදී ගැනීම සඳහා මුදල් හොයා ගන්න. ප්‍රදේශ ගණනාවක් කුඹුරු ගං වතුර නිසා හානියට පත් වුණා. පොතුවිල් , ලාහුගල , සමන්තුරේ , පානම වගේ ප්‍රදේශවල කුඹුරු ගං වතුරෙන් දැඩි ලෙස හානියට පත් වුණා. මේ ගොවීන්ට වන්දි ගෙවන්න තවම රජය කටයුතු කරලා නෑ. ආණ්ඩුව ගොවීන් ගැන සංවේදි නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා වහාම ගොවීන් ගැන සිතන ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කරනවා.‘‘යැයි මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,598
Previous Post

උතුරු මැද පළාත් පෙර පාසල් ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙයි

Next Post

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

editor ttvnews

editor ttvnews

Next Post
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි - නාගරික සංවර්ධන අධිකාරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved