27 April 2024
#දේශීය #පුවත්

උතුරු මැද පළාත් පෙර පාසල් ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙයි

උතුරු මැද පළාතේ පෙර පාසල් ගුරුවරියන් සඳහා පවත්වන ලද ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාව අවසානයේ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ම ආවරණය වන ආකාරයට තෝරාගත් පෙර පාසල් 113ක් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් පැවැත්විණි.

ඒ, උතුරු මැදපළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතාගේ ප්‍රධානත්වයෙන් හා පළාත් මුල් ළමා විය සංවර්ධන අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් පළාත් සභා ශ්‍රවනාගාරයේදීය.

මෙම පරිගණකයක වටිනාකම රුපියල් එක්ලක්ෂ දසදහසක් පමණ වේ. මේ සඳහා මූල්‍යදායකත්වය කාගීස්ල් ආයතනය මගින් දරනු ලබන අතර, මෙම ටැබ් පරිගණක සදහා රජයේ පෙරපාසල් විෂය කිර්දේශය ඇතුලත් කර ඇත.

පළාතේ පෙර පාසල් ගුරුවරියන් හට රජරට විශ්ව විද්‍යාලය සමග එක්ව පෙර පාසල් ඩිප්ලෝමාවක් හැදෑරීමේ අවස්ථාව සකස් කර ඇති අතර ඩිප්ලෝමාව අවසානයේ ජාත්‍යන්තරය පිළිගැනීමක් ඇති NVQ4 සහතිකය පිරිනමන අතර එය උපාධියක් දක්වා හැදෑරීමේ අවස්ථාවද උදාකර දී ඇත

මෙම අවස්ථාවට පළාත් පරිවාස කොමසාරිස් සුරීතා පෙරේරා කාගීල්ස් ආයතනයේපළාත් සම්බන්ධිකරන නිලධාරී දිලිප් ගුණසේකර, සරෝජනි ඩයස් ඇතුළු පෙර පාසල් ගුරුවරියන් පිරිසක් එක් වූහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *