27 April 2024
#දේශීය #පුවත්

වෛද්‍යවරයෙකුට එරෙහිව, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය සේවයෙන් ඉවත් වෙයි

කරාපිටිය රෝහලේ ලබා සිටින වෛද්‍යවරයා බීමත්ව රෝහලට පැමිණ ඇති අතර එහිදී සෞඛ්‍ය කාර්‍ය සහායිකාවකට පහර දී ඇති බවත් එම වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බල කරමින් කරාපිටිය රෝහලේ සියළු කාර්‍යමණ්ඩලට මෙලෙස සේවයෙන් ඉවත්ව තිබේ.

මෙම වෛද්‍යවරයා ගර්බනීය තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර, නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරණු ලබන අයෙකු වුවද, අධ්‍යාක්ෂකවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වීම නිසාම ඔහුගේ ක්‍රියා කලාපයන් යට ගසමින් විනය නීතී ක්‍රියාත්මක නොකරමින් සිටී බවට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

පහර කෑ සෞඛ්‍ය කාර්ය සහයිකාව රෝහල් ගතව ඇති අතර, මෙම වෛද්‍ය නිලධාරියාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු, වර්ජනය අඛණව ක්‍රියාත්මක වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *