යල කන්නයට අවශ්‍ය සියලුම වර්ගයේ පොහොර ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති අතර ඒවා ගොවි ජනතාව වෙත බෙදා හැරීමේ කටයුතු ද විධිමත්ව ආරම්භ කර ඇති බවයි.
පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බැවින් කිසිදු භෝග වගාවකට පොහොර හිඟයක් ඇති නොවන බවත්, ගොවීන්ට අවශ්‍ය සහන සැලසීමට රජය උපරිමයෙන් කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පොහොර සැපයුම සම්බන්ධයෙන් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවන සහ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරන පිරිස් සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් ද කළේය.














