අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක සිට යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා දින සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සමඟ සැකකරු සතුව තිබී ග්‍රෑම් 204යි මිලිග්‍රෑම් 660ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.














