මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් මෙරට වෙළෙඳපොළට පිවිසි ඉන්දුනීසියානු සම්භවයක් සහිත ලොව පුරා ප්‍රසිද්ධ ‘Ai-CHA’ අයිස්ක්‍රීම් සහ බබල් තේ සන්නාමය දේශීය පාරිභෝගිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. ගෝලීය වශයෙන් රටවල් රැසක ස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක අලෙවි වන මෙම ජාත්‍යන්තර සන්නාමය, ශ්‍රී ලංකාවේ නාගරික පාරිභෝගික ජනතාවගෙන් අපේක්ෂාවටත් වඩා ඉහළ සහ ප්‍රතිචාරාත්මක පිළිගැනීමක් ලබාගැනීමට සමත් වීමත් සමඟ මෙරට සිසිබීම වෙළෙඳපොළ තුළ නව තරගකාරී ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වන පිරිසිදු කිරි, කිරිපිටි, ක්‍රීම් සහ ස්වාභාවික සංරචක උපයෝගී කරගනිමින් සාදනු ලබන මෙම නිෂ්පාදන සාමාන්‍ය පාරිභෝගිකයාටද දැරිය හැකි සාධාරණ මිල ගණන් යටතේ ලබාදීමට කටයුතු කිරීම මෙහි මූලික ආකර්ෂණයට හේතු වී තිබේ. මීගමුවේ පිහිටුවන ලද ආරම්භක අලෙවිසැල වෙත දිනපතා ඇදී එන පාරිභෝගික ජනකාය මඟින් සනාථ වන්නේ, මෙරට තරුණ ප්‍රජාව මෙන්ම නාගරික පවුල් අතර නවීන ජාත්‍යන්තර ආහාර පාන සංස්කෘතිය වේගයෙන් මුල් බැස ගනිමින් පවතින බවයි.
මෙවැනි ජාත්‍යන්තර ආයතන දේශීය වෙළෙඳපොළට පිවිසීම හරහා මෙරට සිල්ලර වෙළෙඳ අංශයේ ව්‍යාපාරික වටිනාකම ඉහළ නංවන අතරම, විදේශීය ආයෝජන සඳහා මෙරට පවතින ආකර්ෂණීය පසුබිම නැවත වරක් තහවුරු කෙරේ. ඉදිරියේදී මෙම සන්නාමයේ ව්‍යාප්තිය දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද පුළුල් වීමත් සමඟ දේශීය සේවා අංශයේ රැකියා අවස්ථා නිර්මාණය වීමට මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය වීමටද එය ප්‍රබල රුකුලක් වනු ඇත.













