AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් සිය ජීවිත රක්ෂණ සේවාවන් සරල කිරීමට සහ පාරිභෝගික සෞඛ්‍යය හා යහපැවැත්ම නංවාලීමට අපේක්ෂාවෙන් AIA+ නමින් නවතම ඩිජිටල් වේදිකාවක් මෑතකදී හඳුන්වා දෙන ලදී. රක්ෂණ සේවාවන්, සෞඛ්‍යය හා යහපැවැත්ම, ගෙවීම්, හිමිකම් පෑම් සහ ත්‍යාග එකම ඩිජිටල් පරිසර පද්ධතියකට ඒකාබද්ධ කරමින් මෙම AIA+ යෙදුම නිර්මාණය කර ඇත.
ප්‍රතිපත්ති කළමනාකරණය කර ගැනීමට, වාරික ගෙවීම් සිදු කිරීමට, හිමිකම් පෑම් ඉදිරිපත් කිරීමට සහ ගනුදෙනු පිළිබඳ තත්‍ය කාලීන යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට පාරිභෝගිකයන්ට මෙයින් හැකියාව ලැබේ. පියවර ගණනය කිරීම, ජල පරිභෝජන ඉලක්ක සහ සෞඛ්‍යය පදනම් කරගත් අභියෝගවලට සහභාගී වීමෙන් පරිශීලකයන්ට ලකුණු රැස් කරගත හැකි අතර, එම ලකුණු විවිධ ජීවන රටා සහ සුවතා ත්‍යාග සඳහා හුවමාරු කරගත හැක. ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදන ප්‍රමිතීන් ඉහළ නංවමින්, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ මූල්‍ය ආරක්ෂාව සහ සෞඛ්‍යය වඩාත් මනාව පාලනය කර ගැනීමට මෙමඟින් බලගැන්වෙන බව AIA ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී චතුරී මුනේවීර මහත්මිය සඳහන් කළාය.
















