හිරගෙවල් ඇතුළේ සිටින දරුවන් වෙනුවෙන් කීඩ්ස් මොන්ටසෝරියක් ආරම්භ කරන ලෙසත්, එහි ගුරුවරුන්ගේ වැටුප් රජයට බරක් නොවී තමන් විසින් දැරීමට සූදානම් බවත් “King of kings” ලෙස හඳුන්වා ගන්නා අජ්මාල් මව්ජූඩ් මහතා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
හිරගෙවල් අභ්‍යන්තරයේ සිටින කුඩා දරුවන් 400කට වැඩි පිරිසක් වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටින අතර, මෙය රටට ආදරයෙන්, මානුෂීය පදනමින් කළ යුතු දෙයක් බව අවධාරණය කරයි. ඉස්ලාම් දහමේ උගන්වන පරිදි යමක් ලැබුණ විට එහි කොටසක් නැති බැරි අයට ලබා දීම සැබෑ සංහිදියාව බව ඔහු පෙන්වා දෙයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ලෝකයේ ඇති එකම සිංහල බෞද්ධ රට ශ්‍රී ලංකාව වන බැවින්, මෙම රට ආරක්ෂා කරන්නේ කෙසේදැයි අප හොඳින් දැනගත යුතු බවයි. එබැවින් රට තුළ කිසිදු අයුරකින් ජාතිවාදයට ඉඩ නොදිය යුතු බවත්, ත්‍රස්තවාදයට වඩා භයානක දෙය ජාතිවාදය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














