27 July 2024
#සංවර්ධන

“ස්පාක් 18” ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය “ස්පාක් 18” අද ( 25 ) විදුහල් පරිශ්‍රයේදී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

“ස්පාක්’18” උදෑසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබෙනවා.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද “ස්පාක්’18” සමඟින් එක්ව සිටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *