ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ඊට අවශ්‍ය අරමුදල් සපයා ඇත. රුපියල් මිලියන 55ක මුළු පිරිවැයක් යටතේ ප්‍රධාන දුම්රිය ස්ථානය, වැසිකිළි පහසුකම්, වහලය, වේදිකා, විශේෂ බැම්ම් සහ මරීන් ඩ්‍රයිව් මාර්ගය හරස් කරමින් ඉදි කෙරෙන උඩ පාලම (Flyover) ඇතුළු අංශ රැසක් මෙම ප්‍රතිසංස්කරණ යටතේ ආවරණය කර තිබේ.
















