මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ කාරියවසම්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝරාල විසින් බන්ධනාගාර වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අගෝස්තු මස 18 වන දින දක්වා මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අකිල විරාජ කාරියවසම් වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයාගේ භාරයට පත් කර ඇති බැවින්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට සහ තමාට වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා හමුවීමට කඩිනමින් වේලාවක් ලබා දෙන ලෙසද මහ ලේකම්වරිය එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.














