• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

23 October 2023
in වෙනත්

ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය.

මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත් බිතු සිතුවමක් නිර්මාණය කළේ ය. එමෙන්ම මෙහිදී දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගයක් පැවැත්වුණු අතර, ඔවුන් වෙනුවෙන් උපදෙස් ලබාදීමේ සහ දිරිමත් කිරීමේ සැසි කිහිපයක්ද පැවැත්විණි. මීට අමතරව ඔවුන්ගේ සතුට වෙනුවෙන් සංගීතමය සහ විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක්ද පවත්වන ලද අතර, සෑම දරුවෙකුටම දවස අවසානයේදී විශේෂ ත්‍යාගයක් බැගින් හිමි විය.

AkzoNobel සමාගම ලොව පුරා ක්‍රියාත්මක කරන ‘Let’s Colour’ වැඩසටහනේ කොටසක් වශයෙන් 2019 වසරේදී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග විශේෂ ගිවිසුමක් අත්සන් කරන ලදි. එතැන් පටන් සමාගම මෙබඳු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

ගෝලීය ‘YouthCan!’ ජාලයේ සාමාජිකයෙකු වශයෙන් AkzoNobel සමාගම නව්‍යකරණය සහ අධ්‍යාපනය ඔස්සේ තරුණ පරපුරේ විරැකියාව අවම කිරීමට වෑයම් කරයි. මේ යටතේ සමාගම තරුණ තරුණියන්ට පුහුණුව සහ ප්‍රයෝගික අත්දැකීම් ලබාගැනීමට විවිධාකාර වූ අවස්ථා පිරිනමන අතර, පෞද්ගලික හා වෘත්තීය කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහාද අවස්ථා උදාකර දෙයි. එහිදී තරුණ තරුණියන්ට තම දක්ෂතා සහ කුසලතා පුළුල් ලෙස වැඩිදියුණු කරගැනීමට හැකි වන අතර, එය ඔවුන්ට රැකියා අවස්ථා උදාකරගනිමින් සමාජයේ ඵලදායී පුරවැසියන් බවට පත්වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

දරුවන්ට යහපත උදාවන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම යන පුළුල් අරමුණේ කොටසක් වශයෙන් ඉදිරියේදී SOS ළමා ගම්මානයේ නිවාස ආකර්ෂණීය වර්ණ රටාවන්ගෙන් අලංකාර කිරීමටද AkzoNobel සමාගම සැලසුම් කර තිබේ. ලෝක ළමා දිනය නිමිත්තෙන් නිර්මාණය කළ බිතු සිතුවම එහි මූලික පියවරකි.

“අද දවසේ අපගේ එකම අරමුණ වුණේ දරුවන්ගේ මුවගට සිනා රැල්ලක් රැගෙන ඒමයි. එය ඔවුන්ගේ ජීවිත මඳකින් හෝ ආලෝකමත් කරන්නට ඇතැයි කියා අප අවංකවම සිතනවා. SOS ළමා ගම්මාන සමග අප පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය අපට සැබැවින්ම වටිනවා. මෙය අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, මෙම තරුණ තරුණියන්ගේ මෙන්ම සමස්තයක් ලෙස මුළුමහත් සමාජයේම යහපත වෙනුවෙන් අර්ථවත් පරිවර්තනයක් සිදුකිරීම අපගේ අරමුණයි.” AkzoNobel Sri Lanka අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

පිටපත – PR

Post Views: 20
Previous Post

කට්ටිය එකතු වෙලා ජනතාවගේ ඡන්ද අයිතියට වෙට්ටු දානවා – කේ.ඩී.ලාල් කාන්ත

Next Post

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලිබිල අඩු කළේ මහින්ද රාජපක්ෂයි – මහලේකම් සාගර

editor

editor

Next Post

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලිබිල අඩු කළේ මහින්ද රාජපක්ෂයි - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved