ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න හටගත් අවස්ථාවේ එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති අතර, මේ වන විට ගින්න පාලනය කර තිබේ. කෙසේ වෙතත් ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.ඇල්ජීරියාව මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයකට මුහුණ දී සිටින අතර, මෙම මාසයේ 8 වන දා සිට මේ දක්වා එරට පුරා විවිධ ප්‍රදේශවලින් ගිනි ගැනීම් සිද්ධීන් 16කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.














