• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලු පත්වීම් සුදුස්සන්ට පමණයි – ඇමැති මංගල කියයි

23 September 2018
in දේශීය

දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා දීම වෙනුවට දක්ෂතාව මත සුදුස්සාට රැකියා ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිය, ආගම හෝ දේශපාලන පක්ෂය මත පදනම්ව රැකියා ලබා දීමේ යුගය අවසන් බවයි. නව රේගු පරීක්ෂක දෙවැනි ශ්‍රේණියේ නිලධාරීන් 77 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පසුගිය 21 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී අදහස් දැක් වු මංගල සමරවීර අමාත්‍යවරයා‘‘රටට ප්‍රධානතම ආදායම් දෙන තැන තමයි ශ්‍රී ලංකා රේගුව. රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුන නිසා තමයි මේ රට දුවන්නෙ. රටේ දරුවන්ට පළමු ශ්‍රේණියේ ඉඳල විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දෙන්නෙ, නිදහස් සෞඛ්‍ය ලබා දෙන්නෙ මේ ආදායමෙන් තමයි. ඉතින් අද ඔබ මේ එක්වන්නෙ එවැනි ආර්ථික වශයෙන් වැදගත්ම තැනක රැකියාවකටයි. අපි මේ පත්වීම් ලබා දීමේ දී බැලුවෙ දක්ෂතාව පමණයි. 7,400ක විතර පිරිසක් අතරින් ඉතාම තරගකාරී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා තමයි ඔබ 77 දෙනා අද මේ ඇවිත් ඉන්නෙ. වෙනත් යුගයක නම් මේ පත්වීම් 77න් 99%ක් ම ලැබෙන්නෙ මාතරට. අද එහෙම නෙවෙයි. අපි ආගම, ජාතිය, ප්‍රදේශය හෝ දේශපාලන පක්ෂය බලල නෙවෙයි මේ පත්වීම් ලබා දීල තියෙන්නෙ. ඔබ මේ රැකියාව කරද්දි විවිධ මාරයො හමුවෙයි. නීත්‍යානුකූල වගේ ම නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් මුදල් උපයන්න කියල කතා කරයි. ඔබ ඒ මාරයන් යටපත් කළ යුතුයි‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ස් යන මහත්ම මහත්මීහු, පත්වීම්ලාභීහු සහ ඔවුන්ගේ මාපියන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 9
Previous Post

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

Next Post

රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් කිසිම බේදයක් නැතිව වැඩ කල යුතුයි – ඇමැති වජිර

editor

editor

Next Post

රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් කිසිම බේදයක් නැතිව වැඩ කල යුතුයි - ඇමැති වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved