• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් මිලියන 03ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

25 May 2021
in දේශීය

සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය විසින් රුපියල් මිලියන 3ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (25) දින ප්‍රදානය කරන ලදි.

ඒ, කොවිඩ් මර්දනය සදහා රෝහල්වලට අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට එක්වන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය දිනක දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

රෝහල්වලට අවශ්‍ය වන Infusion Pump, Nebulizers, Syringe Pumps, Suction Pumps ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය කටයුතු කල අතර එම උපකරණ එම මොහොතේම අම්පාර රෝහලට සහ පුත්තලම රෝහල වෙත ලබාදීමට අමාත්‍යවරිය කටයුතු කරනු ලැබීය.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ඉල්ලීමක් අනුව අම්පාර රෝහල වෙත එම උපකරණ ලබාදීමට කටයුතු කල අතර එම උපකරණ අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙනුවෙන් බයෝ මෙඩිකල් ඉංජිනියර් ඒකකයේ ජී.එල් ආර් සුලෝචන මහතා වෙත ලබාදුන් අතර පුත්තලම රෝහල වෙත ලබාදුන් වෛද්‍ය උපකරණ ලබාගනු ලැබුවේ වෛද්‍ය දිනේෂ් ප්‍රනාන්දු මහතා විසිනි.

මෙම අවස්ථාවට සමස්ථ ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන, ලේකම් සුරංති ඩි සිල්වා, උප සභාපති රියෙන්සි විතානගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Post Views: 6
Previous Post

විමල්ගෙන් හෝමාගම රෝහලට රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක්!

Next Post

චීන ආධාර මත දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

චීන ආධාර මත දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved