27 April 2024
#දේශීය

විමල්ගෙන් හෝමාගම රෝහලට රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝමාගම මූලික රෝහලේ වකුගඩු රෝගී අංශයට රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමක් ඊයේ (24) සිදු කෙරිණි.

මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත් හෙට්ටිආරච්චි මහතා වෙත අමාත්‍යවරයා විසින් රෝහල් පරිශ්‍රයේදී ප්‍රදානය කරනු ලැබීය.

රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමින් යුත් මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය රෝහල් බලධාරීන් වෙත ප්‍රදානය කරන අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම ආසන සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රබෝධ පීරිස්, රෝහලේ වකුගඩු රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සී. බෙලිගස්වත්ත, වෛද්‍ය අශෝක ජයතිලක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *