• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා මර්දනයට සෞඛ්‍ය සේවයත් එක්ක සියළු රාජ්‍ය සේවකයින් එක්විය යුතුයි – ඇමැති පවිත්‍රා

20 June 2021
in දේශීය

ජාතික ව්‍යවසනයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මැඩලීමට වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල සමග රටේ සමස්ත රාජ්‍ය සේවකයින් එක්ව කටයුතු කරමින් සහයෝගය ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු දක්වන ලද්දේ කොවිඩ් ආසාදනය ව්‍යාප්තියේ ඉහළයාමක් පෙන්නුම් කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම සදහා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අධ්‍යක්ෂකවරු, වෛද්‍ය අධිකාරිවරු, විශේෂඥ වෛද්‍යවරු සහ ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ දින (19) පැවැති විශේෂ සාකච්ඡාවකට සහ දිස්ත්‍රික්කයේ රෝහල්වල සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළයාම සීඝ්‍රයෙන් සිදු වෙනවා. එබැවින් ගත යුතු පියවර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගෙන අද දින මෙම විශේෂ සාකච්ඡාව සහ නිරීක්ෂණය සිදු කිරීමට කටයුතු කළා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාල නිලධාරීන්ට මම අද දින උපදෙස් ලබාදුන්නා. එමෙන්ම රෝහල් වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ද කටයුතු කළා. දිස්ත්‍රික්කයක් ලෙස මෙම අවස්ථාවේ අප කටයුතු කළ යුතු ආකරයත් සාකච්ඡා කළා. සියළු රාජ්‍ය නිලධාරින් සෞඛ්‍ය සේවාව සමග එකට එක්ව තමන් සේවය කරන දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එය සියළු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට පමණක් සිදු කිරීමට පුළුවන්කමක් නැහැ. සමස්ත රාජ්‍යයේම එකතුවෙන් එය සිදු කළ යුතු වෙනවා. කොළඹ ඉදන් මෙම රෝගය මර්දනය කිරීම පහසු කාර්යයක් නොවෙයි. සියළු අංශ එකට එක්ව ඒ ඒ දිස්ත්‍රික්කවල රෝගය පාලන කටයුතු සිදු කළ යුතු වෙනවා. අද ඒ පිළිබදව මෙම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. ඔවුන්ට ඒ පිළිබද අවබෝධය ලබාදුන්නා. එම සංකල්පය මුළු රටටම ලබාදීමට කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අකිල එල්ලාවල මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Pavithra Wanniarachchi, Minister of Health says that all public servants in the country should work together and support the program being carried out by the present government and the Ministry of Health to curb the corona virus which has become a national disaster.

The Minister of Health made these remarks while reviewing the current status of hospitals and treatment centers providing treatment services in the Ratnapura District which show an increase in the spread of Kovid infection and the physical and human resources required by the Hospital Directors, Medical Officers, Medical Officers, Relevant Medical Officers and relevant officers. Participating in a special discussion held at the Sabaragamuwa Provincial Council Auditorium yesterday (19) and a special observation tour of the hospitals in the district.

Post Views: 8
Previous Post

උඩුුකුඹල්වෙල කන්දේ ගින්නෙන් කිසිදු ජිවිත හානියක් නෑ – පොලිසිය

Next Post

තාක්ෂණික සේවා සමාගම මාස 04ට රුපියල් මිලියන 20.81ක ලාභයක් – පරිසර අමාත්‍යංශය

editor

editor

Next Post

තාක්ෂණික සේවා සමාගම මාස 04ට රුපියල් මිලියන 20.81ක ලාභයක් - පරිසර අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved