• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය වෙනුවෙන් සෑම සහායක්ම ලබා දෙනවා- ජනපති

10 April 2024
in දේශීය, පුවත්
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය වෙනුවෙන් සෑම සහායක්ම ලබා දෙනවා- ජනපති

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.

යතුරු පැදි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්‍රදානය කිරීමට එක් විය.

මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.

යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,989
Previous Post

තවත් පවුල් 182,000ක් අස්වැසුමට සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Next Post

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved