27 April 2024
#දේශීය

මාතලේ සහල් වැඩිමිලට විකුණන බවට චෝදනා

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නිවම කළත් මාතලේ නගරයේ ඇති ඇතැම් වෙළදැසල්වල එම මිලට සහල් ලබා ගැනිමට නොමැති බවත් ඇතැම් වෙළදසැල් හිමියන් විසින් වැඩි මිලට විකුණන බව පාරිභෝගකයින් පවසයි.

රජය විසින් සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇති අතර ඇතැම් වෙළදසැල්වල මෙම මිල සදහන් පුවරුද ඉවත් කර ඇති බවද පාරිභෝගිකයෝ චෝදනා කරයි.

පවතින තත්වය හමුවේ සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් සහන ලබා දිමත් සිදු කළත් එයද මහජනතාවට ලබා නොදනෙ බවද ජනතව පවසයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *