27 April 2024
#දේශීය

ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභීන්ට අමතර දීමනාවක් – ඇමැති ශෙහාන්

රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

මුදල් අමාත්‍යවරයා හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අමතර දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ එම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇත.

ප්‍රධාන වශයෙන් පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත අතර, ඒ සඳහා එක් මාසයකට ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 4,455ක් වන අතර ඒ අනුව මාස රුපියල් මිලියන 13,364ක මුදලක් වැය කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *