රට තුළ දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුමට පවා නිසි විසඳුමක් ලබා දී එය වළක්වා ගැනීමට නොහැකි වූ වත්මන් රජය, ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳනවා වෙනුවට 22 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි දේශපාලන මාතෘකා කරළියට ගෙනැවිත් ඇති බවට උන්වහන්සේ දැඩි චෝදනාවක් එල්ල කර තිබේ.
ජනතාව රටේ පාලනය භාර දී රජයක් පත් කර ඇත්තේ එක් එක් පුද්ගලයන්ට හෝ දේශපාලඥයන්ට අවශ්‍ය අභිමතය පරිදි කටයුතු කිරීමට නොව, සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් රටේ සැබෑ ගැටුම්වලට විසඳුම් ලබා දීමට බව උන්වහන්සේ පෙන්වා දී ඇත. ජනතා අපේක්ෂාවන් පැහැර හැරමින් ආණ්ඩුව සිදු කරන ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග රටේ පවතින සැබෑ අර්බුද හමුවේ අසාර්ථක වී ඇති බව මෙමගින් අවධාරණය කෙරේ.














