ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්, Allianz Lanka සමාගම දිවයින පුරා ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කළේය.
ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමෙහිලා ඉටු කරනු ලබන කාර්යභාරය අතිමහත්ය. එම ප්‍රජාවගේ ආරක්ෂාව සහ වගකීම් සහගත රිය පැදවීම දිරිමත් කිරීම සඳහා මෙම වැඩසටහන හරහා පියවර ගෙන තිබුණි. එහිදී “ජීවිතයට 1, අනතුරට තිත!” (வாழ்க்கைக்கு 1, விபத்துக்கு முற்றுப்புள்ளி) යන තේමාව යටතේ රියදුරන්ට අවධානයෙන් සහ වගකීම් සහගතව රිය පැදවීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. රියදුරන්ට මාර්ග නීති සහ ආරක්ෂාව පිළිබඳ පණිවිඩ නිරතුරුව සිහිපත් කිරීම සඳහා ඔවුන්ගේ වාහනවල අලවන ලද විශේෂ ස්ටිකර් භාවිතා කරන ලද අතර, වැඩසටහනට සහභාගී වූ රියදුරන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා වලංගු නොමිලේ රක්ෂණ ආවරණයක් ද Allianz Lanka සමාගම විසින් පිරිනමනු ලැබීය.
රක්ෂණ සේවාවන්ට පමණක් සීමා නොවී, ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සමාගමේ අරමුණයි. ජර්මනියේ මූලස්ථානය කරගත් Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Allianz Insurance Lanka Ltd, ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව ඇගයීමට ලක්ව ඇති සමාගමකි.
















