• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභිනන්දනීය උපහාර උළෙලක් තුළින් Allianz Millionaire’s Club විසින් එහි විකුණුම් විශිෂ්ටයන් අගයයි

24 August 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම විසින් පසුගිය ජූලි 21 දින සිය සෘජු පාරිභෝගික විකුණුම් අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් දැක්වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක් පැවැත්වීම සිදු කරන ලදියි.

මෙහිදී 2022 වර්ෂය තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ හා සිය ඉලක්කයන් අභිබවා යමින් මනා කැප වීමෙන් කටයුතු කළ Allianz Millionaire’s Club සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇගයීමට ලක්වූහ.

2021 වසරේදී Allianz Millionaire’s Club ආරම්භ කරන ලද්දේ, අලියාන්ස් ලංකා සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරන සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි. මෙවර උත්සවයේ විශේෂත්වය වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට Allianz Millionaire’s Club විශිෂ්ටයන් හට වස්කඩුව සුඛෝපභෝගී සිට්‍රස් (Citrus) හෝටලයේ එක් දිනක් ගත කිරීමේ අවස්ථාව හිමි වීමය.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී, ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස්, ජාතික විකුණුම් ප්‍රධානී ජයනාත් අල්විස්, සෘජු පාරිභෝගික විකුණුම් ප්‍රධානී ප්‍රසන්න කොඩිකාර සහ අලෙවි ප්‍රධානී කසුන් යටවර යන මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 2022 වසර වෙනුවෙන් Millionaire’s Club ගෞරවය සඳහා සුදුසුකම් ලැබූ විශිෂ්ටයන් සංඛ්‍යාව 31 කි.

අලියාන්ස් ලංකා සමාගමේ බෙදාහැරීම් නිලධාරී රංග ඩයස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, “අපගේ සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුවට හා කැපවීමට නව අරුතක් ලබාදීමට Allianz Millionaire’s Club සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ දැවැන්ත සාර්ථකත්වයක් අත් කර ගැනීමට අලියාන්ස් ලංකා සමත් වී ඇත්තේ මේ උනන්දුව හා කැපවීම නිසයි. විකුණුම් සම්බන්ධයෙන් ඔවුන් තබන සෑම පියවරක්ම අපගේ ඉදිරි ගමන ශක්තිමත් කරනවා. මේ ආකාරයට ඔවුන් ඇගයීමට ලක්කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ජයග්‍රහණ සියල්ල, වඩාත් සුභදායී අනාගතයක පෙරනිමිති ලෙස හැඳින්විය හැකියි.” යනුවෙනි.

අලියාන්ස් ලංකා සෑම විටම තම කාර්ය මණ්ඩලයේ ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීමට කටයුතු කරන අතර, Allianz Millionaire’s Club විශිෂ්ටයන් ඇගයීම සඳහා පවත්වන ලද මෙම උත්සවය, එම මෙහෙවරෙහි තවත් වැදගත් පියවරකි.

ඉදිරියටත් මේ ආකාරයට සිය විකුණුම් අංශය ඇතුළුව සියලුම අංශවල විශිෂ්ටයන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරීමට අලියාන්ස් ලංකා සමාගම කටයුතු කරනු ඇත. එමෙන්ම Allianz Millionaire’s Club වැඩසටහන අලියාන්ස් ලංකා සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් දිරිමත් කිරීම සඳහා දිගින් දිගටම කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු නිසැක ය.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

පිටපත් – PR

Post Views: 20
Previous Post

එප්පාවල පොලීසිය මහා පරිමාණ බූරු පොළක් වටලයි… සැකකරුවෝ යතුරු පැදි හා ෆොන් එපා කියා දුවයි

Next Post

මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන යටතේ පවතින පෙර පාසල්වල ගැටලු මධ්‍යම ආණ්ඩුකාරවරයාට යොමු කරයි

editor

editor

Next Post

මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන යටතේ පවතින පෙර පාසල්වල ගැටලු මධ්‍යම ආණ්ඩුකාරවරයාට යොමු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved