• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙර පාසල තුල දරුවන්ට පරිසරය විදින්න ඉඩ සලස්වන්න – අගමැති

17 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) දින අරලියගහ මන්දිරයේ දී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූහ.

“ගුරු අභිමානී” ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙහි දී අදාළ දීමනා ප්‍රදානය කෙරිණි.

සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව ආරම්භ විය.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කළ වදාළහ.

“ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මූලික අඩිතාලම දමන පෙර පාසල් ගුරුවරු ඇගයීමට ලක්වන මෙවන් අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්.


අපි දන්නවා දරුවෙක් මෙලොව එළිය දුටුවායින් පස්සේ දෙමාපියන් හැරුණුකොට ඒ දරුවාගේ ජීවිතයට පළමු අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින්.
මේ පෙර පාසල් අධ්‍යාපනය අපේ රටට ගෙන ආවේ වෛද්‍ය මාරියා මොන්ටිසෝරි මැතිනිය.
දෙමාපියො දන්නවා, තවමත් පෙර පාසලට දරුවෙක් යවන්නෙ මොන්ටිසෝරි යවනවා කියලයි. එදා මේ පිළිබඳව තිබුණු අවධානය අඩු වුණත් දශක පහක වගේ කාලයක් තුළ ඒ ගැන අවධානය වැඩිවෙලා තිබෙනවා.
පෙර පාසලට අද පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය කියලත් කියනවා. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි මව්තුරුලේ හිටපු දරුවා විධිමත් පාසල් අධ්‍යාපනයක් වෙත යොමු කිරීමට හැඩගස්වන්නේ පෙර පාසල තුළයි. ඒ නිසා දරුවෙක් මෙලොව එළිය දුටුවම ඒ දරුවට ලෝකය දකින්න මුල්ම අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ.
පෙර පාසල් වේවා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වේවා, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වේවා, මේ නම් වලින් කියැවෙන ආයතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කලාපයන් ලෙස අපි හඳුනාගත්තා.
ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පෙර පාසල් පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණය රට හදන සෞභාග්‍යයේ දැක්මට අපි ඇතුළත් කළා.
අපි බලයට පැමිණි විගස පෙර පාසල් සඳහා රාජ්‍ය අමාත්‍ය ධූරයක් පවා ඇති කළෙත් ඒ වෙනුවෙන්. පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා, ඒ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරනවා කියල අපි දන්නවා.
මුල් ළමාවිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පවා මේ වන විට කෙටුම්පත් කරලා අවසන් කියලා පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා මා සමඟ කිව්වා. දේශපාලනයට එන්න ඉස්සරවෙලා එතුමාත් ජනප්‍රිය ගුරුවරයෙක්. ඒ නිසා මේ ගැන හොඳ වැටහීමකුත් එතුමට තියෙනවා.
ඒ වගේම පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්. ඔවුන්ට විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා සිය දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාවක් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ මග පෙන්වීමෙන් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
දරුවොත් සමග හිනාවෙලා , සිංදු කියල සතුටින් ඉන්නවා වගේ දැක්කට පෙර පාසල්වල ගුරුවරුන්ගේ ජීවිතය දිහා බැලුවම ඒ අය ගතකරන්නේ ඉතා කටුක දුක්ඛිත ජීවිතයක්. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ආර්ථික අතින් පොහොසත් අය නෙ‍මෙයි. එහෙම වෙලත් කිසිදු දීමනාවක් නොමැතිව ස්ච්ඡාවෙන් සේවය කරන පිරිසකුත් ඒ අතර ඉන්නවා. අතලොස්සක් හැරුණම පෙර පාසල් ගුරුවරුන්ට ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැහැ කියලත් අපි දන්නවා.
මුළු රටම කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ පෙර පාසල් වසා දමා තිබෙනවා. බොහෝ පෙර පාසල් ගුරුවරුන් නඩත්තු වෙන්නෙ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සුළු මුදලකින්. මේ කාලේ ඒ මුදල ලැබෙන්නෙත් නැහැ. මේ හැමදේම ගැන බලලා තමයි අපි මේ පෙර පාසල් ගුරුවරයාව ස්ථීර වැටුපක් ලැබෙන වෘත්තීය මට්ටමකට ගෙන එන්න උත්සාහ කරන්නෙ.
පෙර පාසල් ගුරුවරයා කියන්නේ මේසයකට පුටුවකට සීමා වෙච්ච අයෙක් නෙමෙයි. දරුවන් සමග දුවන්න පනින්න ඕනේ. සෙල්ලම් කරන්න ඕනේ. අද ඒ මේ වගේ හිටියට යම් දවසක ඒ අයටත් දුවන්න පනින්න බැරිවෙන අවස්ථාවක් එනවා. එතකොට තමයි ඔවුන් සැබෑ ලෙසම අසරණ වෙන්නේ. ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. වෙනත් දීමනාත් නැහැ.

එදා 2014 අය වැය ගෙන එන වෙලාවේ මුදල් ඇමතිවරයා වගේම, ජනාධිපතිවරයා විධියට පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන්න මම යෝජනා කළා. එදා අපි බලාපොරොත්තු උනේ ඒ මුදල ක්‍රමයෙන් වැඩිකරලා පෙර පාසල් ගුරුවරුන්ට පිළිගැනීමක් ඇතිකරලා, ඔවුන්ව සමාජයේ හොඳ තැනකට ගෙන එන්න.
අපි ඡන්දෙන් පැරදුණාම ඒ දේවල්වලට මොකද වුණේ කියලා, මටත් වඩා හොඳට ඔබ දන්නවා. අපි හිතුවා 2015 බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් අපි තැබූ ඒ ආරම්භය ඉදිරියට ගෙනයාවි කියල. ඒත් ඒ අය පෙර පාසල් ගුරුවරයා කොතරම් අවතක්සේරු කළාද කියනව නම් අපි යෝජනා කළ මාසික රුපියල් 2500 දීමනාව රුපියල් 250ට බැස්සුවා. ඒ අපිත් එක්ක තරහටද දන්නේ නැහැ.
රුපියල් 250 න් මොනවද කරන්න පුළුවන්. ඒක හරියට විහිළුවක්. ඒ මුදල ගන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න එන්නම ඊට වැඩිය මුදලක් වැය වෙනවා. අද අපි පෙර පාසල් ගුරුවරුන්ට දෙන්නේ ඒ ගාන 10 ගුණයකින් වැඩි කරලා.
අපි මේ දෙන්නේ වැටුපක් නෙමෙයි. දීමනාවක්. ජීවත් වෙන්න මේ මුදල ප්‍රමාණවත් නැහැ කියල අපි දන්නවා. මේක විධිමත් පුහුණුවකින් පස්සේ පෙර පාසල් ගුරුවරයා ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සදහා ගත්ත ආරම්භයක් පමණක් බව ඔබ මතක තබා ගන්න.
පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් මෙම දීමනාව ලබා ගැනීමට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින බව පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා සඳහන් කළා. හැබැයි මේ දීමනාව ලබන්න තවත් පෙර පාසල් ගුරුවරු ඉන්නවලු . සුදුසුකම් බලල ඒ අයටත් මේ දීමනාව ලබාදෙන්න අවශ්‍ය පියවර ගනීවි කියල මම විශ්වාස කරනවා.
අපේ ඉලක්කය රුපියල් ලක්ෂ 25 ක් වටින ආදර්ශමත් ප්‍රමිතිගත පෙර පාසලක් රටේ සෑම ග්‍රාමසේවා කොට්ඨාශයට ලබාදීම. ඒ විතරක් නෙමෙයි, පෙර පාසල් ගැන අපි වෙනමම සොයා බලනවා. අවම පහසුකම් සහිත පෙර පාසල් හඳුනා ගෙන ඒවා සංවර්ධනය කරන්න පියවර ගන්නවා.
කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රූපවාහිනිය මඟින් ඒ දරුවන්ට වැඩසටහන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දැනට සකස් කර තිබෙනවා. අපට අවශ්‍ය මෙම වසංගත තත්ත්වය පාලනය වූ වහාම නැවත දරුවන්ව මේ ගුරුවරුන් ගාවට යොමු කිරීම.
පසුගියදා අපි අධ්‍යාපන ඇමතිතුමා, ලේකම්තුමා සමඟ යළි පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලුවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධ නිර්දේශයන් ලබා දුන් වහාම පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට රජය අවධානය යොමු කරලා තියෙනවා.
නැවත පෙර පාසල් පටන්ගත්තම ඔබ ගාවට ඒ මල් වගේ දරුවන් ආයෙත් පැමිණෙනවා. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඔබෙන් මම පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි.
පෙර පාසල කියන්නේ තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා.
ඔබ සැමට තෙරුවන්සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්,ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී ජයසේකර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

මන්ත්‍රී වාහන ගෙන්වීමට එරෙහිව ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

Next Post

ගිනිගත් නැවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව

editor

editor

Next Post

ගිනිගත් නැවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved