27 April 2024
#දේශීය

මන්ත්‍රී වාහන ගෙන්වීමට එරෙහිව ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් අයැද ඇත.

එසේම යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, නීතීඥ සුනිල් වටගල යන අය එම අවස්ථාවට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *