• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

16 July 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය.

දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් ආරම්භ කෙරිණි.

දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ සිය පොරොන්දුව ඉටු කරමින් අමානා තකාෆුල් රක්ෂණ සමාගම COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සහ පවුල් වලට මෙන්ම පසුගිය මෝසම් වැසි හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ද සිය සහයෝගය ලබා දුන්නේය.

එහිදී සමාගම විසින් PPE Kits සහ Non-Rebreather Masks ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සැපයුම්, මාවනැල්ල සහ කෑගල්ල රෝහල් සඳහා පිරිනමමින් මෙම ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මාලාව ආරම්භ කළේය.

සමාගම ඉන් අනතුරුව, සෑම වසරකම ජුනි 14 වන දින සැමරෙන ලෝක රුධිර පරිත්‍යාග දිනය සමරමින්ද වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

එහිදී අමානා තකාෆුල් රක්ෂණ සමාගම, ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) සමඟ අත්වැල් බැඳගනිමින් වසංගත හා අහිතකර කාලගුණික තත්ත්වයන් නොතකා ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණි සියළුම රුධිර පරිත්‍යාගශීලීන්ට සිය කෘතඥතාවය පළකිරීමට කටයුතු කළේය.

සංචරණ සීමාවන් සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අපහසුතාවයට පත් දෛනික වැටුප් උපයන්නන් ඉලක්ක කර ගනිමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් 200කට අධික පිරිසකට අමානා තකාෆුල් රක්ෂණ සමාගම මුල්‍යාධාර ලබා දුන්නේය. මෙම අවස්ථාවට වැල්ලම්පිටිය ප්‍රදේශවාසීන් සහ ප්‍රජාවේ ආගමික නායකයින් ද සහභාගී විය. මීට අමතරව, අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් ගංවතුරින් අසරණභාවයට පත්වූ වත්තල, පල්ලියවත්ත ඇතුළු ඒ ආශ්‍රිත ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක බෙදා දීමද සිදු කෙරිණි.

ඒ අනුව සමස්ථයක් ලෙස අමානා තකාෆුල් රක්ෂණ සමාගමට ජුනි මාසය තුළ පවුල් 500 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත වෙත ළඟා වීමටත් ඔවුන්ට දායකත්වය ලබා දීමටත් හැකියාව ලැබී තිබේ.

සමාගමේ මෑත කාලීන සමාජ ප්‍රයත්නයන් පිළිබඳව අදහස් දක්වමින් අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විකුණුම් නිලධාරි සුරේෂ් බස්නායක මහතා මෙසේ පැවසීය. “අමානා තකාෆුල් රක්ෂණයේ මූලික අරමුණ ගත් කල එහි ඇත්තේ සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම සමාන සහයෝගිතාවය දැක්වීමයි. සමාගමක් වශයෙන් අප ක්‍රියාත්මක වන මූලධර්මය එයයි. අප සෑමවිටම අපගේ ප්‍රජාවන් රැකබලා ගැනීම සිදු කරන අතර ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. අසරණභාවයට පත්වූවන් නඟා සිටුවීමට සහ අවශ්‍යතා ඇති අපගේ ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට අපි නිරතුරුව උත්සාහ කරනු ලබනවා. ‘රටේ සැමහට එක ලෙස’ යන අපගේ නැවුම් සන්නාම අනන්‍යතාවය සහිතව මේ වසර මුලදී එකිනෙකා කෙරෙහි වූ සහයෝගිතාවයේ පොරොන්දුව ද අප ලබා දුන්නා.”

අමානා තකාෆුල් රක්ෂණ සමාගම ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් තුළින් සිතට සහනය ලබා දීමේ ශක්තිමත් දැක්මක් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් දශක දෙකකට වැඩි කාලයක් ජාතියට සේවය කර ඇත.

එසේම පාරිභෝගික කේන්ද්‍රීයතාව, විවෘතභාවය, ගුණාත්මකභාවය සහ විවිධත්වය යන මූලික හරයන් තුළින් සියලු පාර්ශවකරුවන්ට වටිනාකමක් එක් කිරීමට අඛණ්ඩව කැපවී සිටී. අමානා තකාෆුල් රක්ෂණ සමාගම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ගැලපෙන පරිදි සකස් කළ සෞඛ්‍ය, ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ විසඳුම් ලබා දෙයි.

සමාගමේ තොරතුරු, රක්ෂණ විසඳුම් සහ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා www.takaful.lk වෙත පිවිසෙන්න.

 

පිටපත – Communique PR

Post Views: 4
Previous Post

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ – නාවික හමුදාව

Next Post

නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

editor

editor

Next Post

නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved