අම්බලන්ගොඩ ඌරගහ ගංගාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් හෙට (20 වැනි සෙනසුරාදා) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ කොටසක සහ අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. පෙරහැර ගමන් ගන්නා කාලසීමාව තුළ බර වාහන හැර අනෙකුත් වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට උපදෙස් දෙයි. ඒ අනුව, කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන වාහන කපුඇල හන්දියෙන් හැරී වටුගෙදර හන්දිය, පොල්වත්ත හන්දිය, පොල්ලව හන්දිය සහ බටපොල හරහා කහව ප්‍රදේශයෙන් නැවත ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය. එසේම ගාලු දෙස සිට කොළඹ බලා ධාවනය වන වාහන කහව – බටපොල හන්දියෙන් ඇතුළු වී මිටියාගොඩ, පොල්ලව, පොල්වත්ත, වටුගෙදර සහ කපුඇල හරහා සංඝරාජ විහාරය අසලින් නැවත ප්‍රධාන මාර්ගයට පිවිසිය යුතු බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.
















